කැෂියර්ලා අධිවේගී මාර්ගවල ආදායමෙන් 20% ක් හොරා කන බව හෙළි වෙයි

අධිවේගී මාර්ගවල මුදල් අයකැමිවරු විසින් උපයන ආදායමෙන් 10% ත් 20% ත් අතර ප්‍රමාණයක් හොරකම් කරන බව කෝප් කමිටුවට වාර්තා කර තිබේ.

මෙම මුදල් අයකැමිවරු දියත් කරන ලද වැඩ වර්ජනයක දී, ඔවුන් වෙනුවට සේවයේ යොදවන ලද යුද හමුදා සාමාජිකයන් විසින් ලබා දී තිබෙන ආදායම හා සසදා බැලීමෙන් මෙම වංචාව මුල් වරට අනාවරණය කරගෙන තිබේ.

පසුව සිදු කරන ලද පරීක්ෂණ මගින් මෙම වංචාව තවදුරටත් තහවුරුකරගෙන ඇතත්, මෙකී වංචාකාරී නිළධාරීන් සේවයෙන් පහ කිරීමේ ක්‍රමයක් නැති බව මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්, කෝප් කමිටුවට පවසා ඇතැයි වාර්තා වේ.

ඊට හේතුව, ඔවුන් වෙනුවෙන් සේවයට අනුයුක්ත කළ හැකි වෙනත් පිරිස් නොමැති වීමයි.

වංචාවට හවුල් බවට සැලකෙන මුදල් අයකැමිවරු 19 දෙනෙකු හදුනාගෙන ඇති බව පැවසේ.

සීසීටීවී කැමරා පද්ධතිය වැසීමෙන් සහ වයර් කැපීමෙන් වංචාකරුවන් ඔවුන්ගේ වංචාවට අදාල උපක්‍රම සකසාගෙන ඇති බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *