ස්ථිර ආදායමක් නොමැති මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ලබාදීම සඳහා ඉදිරි ආණ්ඩුවක් තුළ පනතක් ගේනවා – විජයදාස රාජපක්ෂ

ඉදිරියේදී සිය රජයක් තුළ, ස්ථිර ආදායමක් නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප නැවත හිමි කරදීම සඳහා පනත් ගෙන ඒමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නීතිඥ විජයදාස රාජපක්ෂ පවසනවා.

ජාතික ජන බලවේගය තමන් පැවසූ ජනප්‍රිය මාතෘකාවක් වෙනුවෙන් මෙම විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සිදු කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ හේතුවෙන් ඔවුන්ගේම පක්ෂයේ මන්ත්‍රීවරුන් 40 ක් පමණ අසරණභාවයට පත්ව ඇති බවද නීතිඥ විජයදාස රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

මූලාශ්‍රය – එසැණ(හෙළකුරු)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *