QR හරහා සිදුකරන ගනුදෙනුවල දී ඉදිරියේ දී රු. 5,000ට වඩා අඩු වටිනාකමින් යුතු ගනුදෙනු සඳහා අතිරේක ගාස්තු අය නොකිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව අතර ඩිජිටල් ගෙවීම් පිළිබඳව දැනුම්වත්භාවය ඇති කරලීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධානය කරන ලද වැඩසටහනක් අද (20) පෙරවරුවේ පැවති අතර එහිදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.