ඔයා නතර වෙන්නේ හිරේ ගිහින් තමයි,හිරේ යන්න බයේ රෝහල්ගත වුණ සෞඛ්‍ය ලේකම්ට රාජිත අනතුරු අගවලා

ඖෂධ සමඟ සෙල්ලම් කරන්නට එපා යැයි තමා සෞඛ්‍යය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට මීට මාස දෙකකට පෙර පැවසුවේ යැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

චන්ද්‍රගුප්ත ඔයා මේකට අත ගහන්න යන්න එපා,මේක භයානක වැඩක්.මේ ඖෂධ සමඟ සෙල්ලම් කරන්න යන්න එපා. එතැන ඉන්න වෛද්‍යවරුන්ට ඒක තීන්දු කර ගන්න දෙන්න.එහෙම නැති වුනොත් ඔයා නතර  වෙන්නේ හිරේ ගිහින් යැයි තමා සෞඛ්‍ය ලේකම්වරයා අමතමින් පැවසූ බවද රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

අද එතුමා හිරේ යන්න පෙර රෝහල් ගත වී තිබෙන බව ද රාජිත සේනාරත්න මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *