ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.
ප්‍රකට මූල්‍ය ආයතනයක් වන මැකර්රි සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනිය වන ඇයගේ වාර්ෂික වැටුප ඩොලර් මිලියන 30 කට අධික බවටයි තක්සේරු කර ඇත්තේ.
2023 වසරට අදාළව අද නිකුත් කරන ලද Australian Financial Review සමීක්ෂණ වාර්තාf්යි මේ බව දැක්වෙන්නේ.
මෙම ලැයිස්තුවේ මුල් ස්ථාන 10 තුළ සිටින එකම කාන්තාව වන්නේද ශෙමාරා වික්‍රමනායක පමණක් වීම විශේෂත්වයක්.
එමෙන්ම මුල් ස්ථාන 50 තුළ සිටින්නේද ඇයට අමතරව තවත් එක් කාන්තාවක පමණයි.
ක්වන්ටාස් හිටපු ප්‍රධාන විධායක නිලධාරී ඇලන් ජොයිස් මෙම ලැයිස්තුවේ 05 වන ස්ථානයට පත්ව සිටින්නේ ගතවූ මූල්‍ය වර්ෂයේදී ඩොලර් මිලියන 11.9 ක වැටුපක් උපයා ගනිමිනුයි.