සපුගස්කන්ද සිරිමංගල පාර හතරවැනි පටුමග ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය මිතුරෙකුට ලබා දුන් රුපියල් 3,500ක මුදලක් නැවත ඉල්ලා සිටි අවස්ථාවේ ඇති බවූ ආරවුලක් මත මිතුරා විසින් ඔහුව ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ 41 හැවිරිදි රොෂාන් චමින්ද නම් තිදරු පියෙක්.
ඝාතනය සිදු කළ මිතුරා සපුගස්කන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා.