දරු මුණුපුරු 180ක ආදරය ලැබූ වීර මාතාව දිවියට සමු දෙයි

අපේ රටේ වැඩිම දරුවන් ප්‍රමාණයක් ප්‍රසූත කළ මවට පිරිනමන වීර මාතා සම්මානය වසර කීපයක් හිමිකරගත් බදුල්ල  අන්දෙනිය මාවතක ඊයේ මෙලොවින් සමුගත්තාය.

නමින් රත්නායක කකංනම්ලාගේ කරුණාවතී මහත්මිය මුනුබුරු මිනිබරියන් හා මී මූනුබුරු මිනිබිරියන් එකසිටය අසූවකගේ සෙනෙහස ලැබිමටද ඇය පින්කර තිබුණාය.

ජාතික වැඩිහිටි හිමිකම් කාර්යාලය විසින් පරිනැමූ වීර මාතාව සම්මානය මෙවරද හිමිකර ගත් කරුණාවතී මහත්මිය පසුගියදා සිය 97 වන උපන්දිනය සමරා ඇත්තේ මේ දරුපරපුර පිරාවරාගනිමිනි .

කරුණාවති මහත්මියගේ අවසන් කටයුතු 29 දා සවස බදුල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය .

image 1fe358ceed Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *