නවලෝක සහ හේමාස් රෝහල් සමූහය තුළ සිදුකර ඇතැයි පැවසෙන වකුගඩු ජාවාරමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත. ඒ අනුව එම රෝහල් සමූහය තුළ සිදුකර ඇති වකුගඩු සැත්කම් පිළිබඳ සියළු තොරතුරු පොලිසියට ලබාදෙන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එම රෝහල් ප්‍රධනීන්ට පසුගියදා දැනුම් දුන්නේය.
කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් කිහිප දෙනෙක් විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙම වකුගඩු ජවාරම අනාවරණය වී ඇතිබව පොලිසිය මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව නවලෝක හේමාස් රෝහල්වලින් ලද තොරතුරු විමර්ෂණය කර ඉදිරියේදී සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි. මීට පෙරද මෙම රෝහල් දෙකට එරෙහිව මීට පෙරද මෙවැනිම චෝදනා මීට පෙරද එල්ලවු අතර, එම අවස්ථවන්හීදී ඒ පිළිබඳ පරීක්ෂණද පවත්වා ඇත.