පාසල් ශිෂ්‍යයා ගෙල වැලලාගෙන මිය යයි

බඩල්කුඹුර පොලිස් වසමේ කෙසෙල්කොටුව, තලාවේගම බඩල්කුඹුර පදිංචි ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යයකු ඉකුත් (30 දා) අලුයම ගෙළ වැළලාගෙන මියගොස් ඇතැයි බඩල්කුඹුර පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගමගේ පසිදු ලක්ෂාන් (17) නමැති පාසල් ශිෂ්‍යයෙකි. ඔහු නිවසේ මුදුන් යටලීයේ ලණුවක් ආධාරයෙන් ගෙලවැළලාගෙන මියගොස් සිටියදී ඔහුගේ පියා වන ගමගේ රත්නසිරි සිල්වා යන අයට හමුවී ඇත. බඩල්කුඹුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *