පොලිස් ස්ථානය ඉදිරිපිට රැඳී සිටි පිරිසකට පරුෂ වචනයෙන් බැණ වැදුණු වෙන්නප්පුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට වෙන්නප්පුව පොලිස් අධිකාරීවරයා පෙරේදා (29) පියවර ගෙන ඇත. මෙම කොස්තාපල්වරයා මෙසේ පොලිස් ස්ථානය ඉදිරිපිට රැඳී සිටි පිරිසට පරුෂ වචනයෙන් බැණ වැදී ඇත්තේ පසුගිය 25 වෙනිදා අලුයම 1.00ට පමණය.
පොලිස් අත්අඩංගුවේ සිටි පුද්ගලයකුට ඇප ලබා දීමට පැමිණ සිටි පිරිසකට මෙසේ බැණ වැදී ඇති බව පොලිසිය කියයි.
මෙම නිලධාරියා එම පිරිසට බැණ වදින විට ඒ අය අතර සිටි පුද්ගලයකු ජංගම දුරකතනයක් මඟින් එය වීඩියෝගත කර පොලිස් නිලධාරියාට එරෙහිව කළ පැමිණිල්ලකට අනුව නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.