යන එන මඟදි උපත් පාලන කොපු ලබා ගන්න යන්ත්‍ර යළි සවි කරයි


ජනතාවට ගමන් බිමන් යන එන අතරමග දී උපත් පාලන කොපු ලබාගත හැකිවන පරිදි Condom Vending Machine සවිකිරීම යළි ආරම්භ කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

HIV ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ කරන බව ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විද්‍යාපතිරණ සඳහන් කළාය.

2017 වසරේ සිට දුම්රිය ස්ථාන අසල සහ මිනිසුන් ගැවසෙන ස්ථානවල මෙම Condom Vending Machine සවිකිරීම ආරම්භ කර තිබුණි.

එනමුත් පසුගිය සමයේ පැවති ආර්ථික අර්බුද හමුවේ එම ව්‍යාපෘතිය අඩාල වී ඇති බැවින් යළි එය ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මෙම වසරේ මාර්තු මස සිට නොවැම්බර් මස දක්වා කාලයේ ද උපත් පාලන කොපු හිඟයක් තිබී ඇති අතර, පසුගිය සතියේ දී උපත් පාලන කොපු ලක්ෂ 20ක් ආනයනය කර ඇත.

ඒ අනුව මේ වනවිට සායනවලට පැමිණෙන පුද්ගලයින්ට මෙම උපත් පාලන කොපු නොමිලේ ලබාදීම සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *