සුළි කුණාටුව අනිද්දා – ඉදිරි පැය 24 ගැන කාලගුණය අනතුරු අගවයි

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ.

ඒ අනුව ගිනිකොන දිග බෙංගාලබොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු අඟවා තිබේ.

ඉහත කාලපය ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී උතුරු අක්ෂාංශ 9.5 සහ නැගෙනහිර දේශාංශ 86.0 ආසන්න ප්‍රදේශයේ, ත්‍රිකුණාමලයේ සිට කි.මී 550ක පමණ දුරින් පවතී.

එය හෙට (02) ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අනිද්දා (03) වන විට සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමට නියමිතය.

මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර දෙසැම්බර් 4 වනදා උතුරු තමිල්නාඩු වෙරළ තීරයට ගමන් කරනු ඇතැයි කාලගුණ අංශ බලාපොරොත්තු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *