මන්නාරම මාන්තෙයි පල්ලමඩු ප්‍රදේශයේ කුඹුරක ඇද වැටී පණ අදිමින් සිටින වන අලියෙකු ප්‍රදේශවාසීන් විසින් දැක ඊයේ (18) වනජිවී නිලධාරීන්ට ඒ බව 18 දැණුම් දී තිබේ.
වනජීවී නිලධාරීන් පිරිසක් එම ස්ථානයට යවා පණ අදිමින් සිටින වන අලියාට ප්‍රතිකර කිරීම රාත්‍රියේම ආරම්භ කළ බව වන ජීවී නිලධාරීහු කියා සිටියහ.
අවුරුදු දෙකක් පමණ වයස මෙම වන අලියාට යම් විෂක් ශරීරගත වී ඇති බවට වනජීවී නිලධාරීන් අනුමාන කරණ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද ආරම්භ කොට තිබේ.
මන්නාරම මාන්තෙයි ප්‍රදේශයේ ගොවීන්ගේ කුඹුරුවලට වන අලින්ගෙන් සීදුව්න හානි නිසා ගොවීහු විවිධ ක්‍රමවලින් අලි මැරීමට උත්සහ කරති.
මෙම වන අලියා පණ අදිමින් සිටින්නේද එවැනි ක්‍රියාවක ප්‍රතිපලයක් නිසා බවට සැකකරණ වන ජීවී නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් මාන්තෙයි පොලීසියද දැනුම්වත් කොට ඇත.