ඕනෑම මත්ද්‍රව්‍යක් භාවිත කර වාහන පදවන අයට දැඩිව නිතීය ක්‍රියාත්ම​ක කරයි – විනාඩි 03න් මත්ද්‍රව්‍ය 12ක් ගැන වාර්තාවත් දෙයි

මත්පැන් සහ මත්ද්‍රව්‍යය භාවිතා කර මෝටර් රථවාහන පදවන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

මෙතෙක් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නොහැකිව තිබූ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කර රථවාහන භාවිතා කරන රියදුරන්ට එරෙහිව අද (08) දිනයේ සිට නීතිය ක්‍රියාමක කරන බව අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

රසායනාගාරයේ සිදුකෙරෙන පරීක්ෂණයකින් විනාඩි තුනකින් මත්ද්‍රව්‍ය 12ක් සම්බන්ධයෙන් පරීක්ෂා කර ගැනීමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 

අදාළ ප්‍රතිඵලය රියදුරුවරයාට මුද්‍රණය කර ලබා දිය හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *