විනිසුරුවරු 20ක් සේවයෙන් ඉවත් කරයි – හත් දෙනෙක් ගෙදර යවයි

මහාධිකරණ විනිසුරුවරයකු, දිසා විනිසුරුවරයකු හා මහෙස්ත්‍රාත්වරුන් ඇතුළු විසි දෙනකු විෂමාචාර සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම විසින් සේවයෙන් පහ කර හෝ වැඩ තහනම් කර ඇත.

මේ අතරින් හත් දෙනකුගේ සේවය අවසන් කර ඇති අතර අනෙක් අයගේ සේවය අත්හිටුවා හෝ අනිවාර්ය විශ්‍රාම ගන්වා ඇත.

අධිකරණ සේවයේ නියුතු මෙම පුද්ගලයන්ට එරෙහිව ඉදිරිපත් වූ මහජන පැමිණිලි සම්බන්ධයෙන් පවත්වන ලද පරීක්ෂණවලින් පසුව රාජකාරි අවසන් කිරීම සිදු කර තිබේ. පරීක්ෂණ සඳහා කැඳවන ලද ඇතැම් අධිකරණ නිලධාරීන් විමර්ශන කමිටු ඉදිරියේ පෙනී නොසිටි අතර ඇතැමුන් පරීක්ෂණයට මුහුණ නොදී සේවයෙන් ඉවත් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *