ආබාධ සහිත වූවන්ගේ ගමනාගමනයට Low Floor Bus රථ 10ක් ගේන ඒමට තීරණය කරයි

2026 වස­රේදී මේ රටේ ආබා­ධිත පුද්ග­ල­යන් වෙනු­වෙන් ජාත්‍ය­න්තර මට්ටමේ පිළි­ගත් ‘පතුල පහළ බස්’ (Low Flow bus) රථ 10 ක් ගෙන්වා ජාතික ප්‍රවා­හන සේව­යට එක් කරන බව පාර්ලි­මේන්තු මන්ත්‍රි සුගත් වසන්ත ද සිල්වා මහතා පසු­ගි­යදා (03)පැව­සීය. ආබාධ සහිත තැනැ­ත්තන් පිළි­බඳ අයි­ති­වා­සි­කම් පනත මේ වස­රේදී සම්මත කිරී­ම­ටත්, ප්‍රවේශ පහ­සු­කම් පිළි­බඳ යාව­ත්කා­ලීන කරන ලද රෙගු­ලාසි ගැසට් කිරීම සිදු කරන බවත් ඒ මහතා හොර­ණදී පෙරේදා (03) පැව­සීය. එහිදී ඒ මහතා මෙසේද කීවේය.

“ආබාධ සහි­ත­වූ­වන් පිළි­බඳ ප්‍රති­ප­ත්තිය මේ වසරේ සකසා අව­සන් කරන බවත් මේ සියල්ල හරහා අයි­ති­වා­සි­ක­ම්ව­ලින් හෙබි බල­ගැ­න්වුණු ආබාධ සහිත පුර­වැ­සි­යකු බිහි­කි­රී­මට බලා­පො­රොත්තු වෙනවා. ආර්ථික, දේශ­පා­ල­නික වශ­යෙන් පම­ණක් නොව සංස්කෘ­තික වශ­යෙ­නුත් අන්ත­ර්ක­ර­ණිය වූ සමා­ජයේ ආබාධ සහිත පුද්ග­ල­ය­න්ටත් අභි­මා­න­වත් වූ ජීවි­ත­යක් ලබා­දීම වෙනු­වෙන් අපි කට­යුතු කර­නවා.

ජාතික ජන බල­වේග රජය බල­යට පත් වී වස­රක් ගෙවන මේ මොහොතේ මේ රටේ ආබාධ සහිත වූ පුද්ග­ල­යන්ට විශාල වැඩ කොට­සක් කිරී­මට හැකිවී තිබෙ­නවා. ආබාධ සහිත පුද්ග­ල­යන් සඳහා වූ ගෙවීම් විශාල ලෙස ඉහළ දමා තිබෙ­නවා. අනෙක වැද­ගත්ම කාර­ණය කිසිදු සීමා­ව­කින් තොරව සෑම ප්‍රාදේ­ශිය ලේකම් කොට්ඨා­ස­ය­ක­ටම මේ සඳහා මුදල් ප්‍රති­පා­දන වෙන්කර තිබෙ­නවා. ආබාධ සහිත පුද්ග­ල­ය­කුට පොරොත්තු ලේඛ­නයේ නොසිට අදාළ දීම­නා­ව­ලට ලියා­ප­දිංචි වී ඒ දීමනා ගත හැකිය. මේ ආදි වශ­යෙන් ඔවුන්ගේ දෛනික ජිවිත පව­ත්වා­ගෙන යෑමට අත දෙන අත­රම ඔවුන් මේ රටේ සම අයි­ති­වා­සි­කම් ඇති රටේ සමාජ ආර්ථික ක්‍රියා­ව­ලි­යට බද්ධ වූ මිනි­සුන් බවට පත් කිරීමේ කට­යුතු ආරම්භ කර තිබෙ­නවා.”

“විප­ක්ෂ­යට යන එන මං නැති නිසා සිල්ලර කත­න්දර අල්ල­ගෙන මාධ්‍යට ඇවිත් ජන­තාව චූන් කර­මින් ඉන්නවා. නමුත් මේ රටේ අති­බ­හු­තර ජන­තාව විප­ක්ෂයේ මේ සිඟිති ආත­ල්ව­ලට රැව­ටෙන්නේ නැහැ. එයාල කළ කී දේවල් ජන­තා­වට අම­තක නැතැ­යිද සුගත් වසන්ත මන්ත්‍රී­ව­රයා කීවේය.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *