කිරි ලීටර් 100 ඉක්මවන ගොවිපොළ 1200ක් ඇරැඹෙයි

කිරි ලීටර් සිය ඉක්මවා ලබා ගන්නා ගොවිපොළ 1200 ක් අරඹන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

“අප රටේ දෛනික කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂ  දහයක් පමණ වනවා.එය ලක්ෂ තිහ දක්වා ඉදිරියට ගෙන යාමට අප ඉලක්කයක් තිබෙනවා. එහෙම වුණොත් අපේ අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්.කිරි නිෂ්පාදනය අගය වර්ධනය කිරීමට කේන්ද්‍රීය මධ්‍යස්ථාන අප ගොඩ නගනවා. ඒ වැඩසටහන අනුරාධපුරයෙන් ආරම්භ කරනවා.කිරි ගොවීන් සඳහා තාක්ෂණික සහ මූල්‍ය සහාය එමගින් ලබා දෙනවා.කිරි ලීටර් සිය ඉක්මවා ලබා ගන්නා ගොවිපොළ 1200 ක් ඇරඹීමට අප සැලසුම් කර තිබෙනවා.හොඳ අභිජනන ගොවි පොළවල් ඇරඹීමට සහ හොඳ මව් සතුන් ගොවීන්ට ලබාදීමේ වැඩපිළිවෙළක් අප අරඹා තිබෙනවා.ආනයනික ගව ශුක්‍ර වඩි ගෙන්වා  දියුණු තත්ත්වයේ සතුන් පහළොස් දාහක් හැදීමේ සැලසුම් අප සිදු කරමින් පවතිනවා. බිත්තර නිෂ්පාදනය කරන කුඩා ගොවිපළ සඳහා බඩ ඉරිඟු සහනදායී ලෙස රාජ්‍ය මැදිහත්වීමෙන් ලබාදීමටද අප කටයුතු කරනවා.වෛරසයක් නිසා බිඳ වැටුණු සූකර කර්මාන්තය නැවත අලුතින්ම ගොඩ නගන්නට සිදුවී තිබෙනව යනුවෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *