කායික සබඳතාවක් නැතිව 13 හැවිරිදි දැරියක් ගැබ්ගැනීම අභිරහසක් වෙයි – DNA පරීක්ෂණයකට යයි

කායික සබඳතාවයක් නොමැතිව 13 හැවිරිදි දැරියකගේ කුසේ දරු ගැබක් පිහිටීම පිළිබඳව වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයකට දැරිය යොමු කිරීම සඳහා පොලිසිය ක්‍රියාත්මක බව කුරුණෑගල පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ මහතා දිවයිනට ඊයේ (21දා) ප්‍රකාශ කළේය.

මෙවැනි සිද්ධියක් වාර්තාවු ප්‍රථම අවස්ථාව මෙය විය හැකි බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසීය.

වෛi පරීක්ෂණවලදී මේ පිළිබඳව කිසිදු ප්‍රතිඵලයන් නොමැති නම් දැරිය පොලිසියට කරන ප්‍රකාශ අනුවත් බලනවිට සිද්ධිය පිළිබඳව දිගින් දිගටම විමර්ශන සිදුකිරීමට අදහස් කරන බවද පොලිසිය කියයි.

මෙම සිද්ධිය පිළිබඳව හෙට්ටිපොළ පොලිසිය මෙම දැරියගෙන් දිගින් දිගටම ප්‍රකාශ සටහන් කරගෙන ඇතත් ඇය පවසා ඇත්තේ කිසිදු කායිකා සබඳතාවයක් සිදුනොකළ බවය.

ඇයගේ පවුලේ උදවියද දැරියගේ නිර්දෝෂී බව තහවුරු කර ඇත.

වෛi විමර්ශනවලදිත් දැරිය නිර්දෝෂි බවට අනාවරණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *