මා ඇතුළු මිලියන 14ක ජනතාවක් ඉරානය ආරක්ෂා කරන්න දිවි පුදන්න සූදානම් – ඉරාන ජනාධිපති

මේ වන විට ඉරාන ජාතිකයින් මිලියන 14කට අධික පිරිසක් ඉරානය ආරක්ෂා කිරීම වෙනුවෙන් තම ජීවිත පූජා කිරීමට සූදානම් බව, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම තමා ද ඉරානය වෙනුවෙන් ජීවිතය කැප කිරීමට සූදානම් බව, පෙසෙෂ්කියන් වැඩිදුරටත් සඳහන් කරයි.

“මම ද ඉරානය වෙනුවෙන් මගේ ජීවිතය කැප කර ඇත. මම දැනටත් එය සිදු කරමින් සිටින අතර ඉදිරියටත් එය එසේම සිදුවනු ඇත”

යුද්ධය ආරම්භ වූ දා සිට ඊශ්‍රායලය විසින් ඉරානයේ ඉහළ පෙළේ ප්‍රභූන් ඉලක්ක කර ප්‍රහාර රැසක් එල්ල කර තිබේ.

මේ දක්වා වාර්තා වන පරිදි ඉරානයේ පුද්ගලයින් 2,076 දෙනෙකු මියගොස් ඇති අතර 26,500ක් පමණ තුවාල ලබා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *