ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනික සහ ආර්ථික ස්ථාවරත්වය උපයෝගී කරගනිමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ආයෝජකයින් දිනා ගැනීම සඳහා කොළඹ වරාය නගරය කලාපීය මූල්‍ය හා වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට රජය පියවර ගෙන ඇතැයි ‘ගල්ෆ් නිව්ස්’ (Gulf News) පුවත්පත වාර්තා කරයි.