12 හැවිරිදි දැරියක් අධිකරණ පරිශ්‍රයේදීම ලිංගිකව අපයෝජනය කරයි

ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයට මව සමග පැමිණ සිටි 12 හැවිරිදි දැරියකට අධිකරණයේ පරිවාස කාර්යාලය ඉදිරිපිට බංකුවක් මතදී ලිංගික අපයෝජනයක් සිදු කළ බව කියන 58 හැවිරිදි පුද්ගලයෙකු පරිවාස නිලධාරීනියන් විසින් ගලගෙදර පොලීසියට භාර දෙනු ලැබ තිබේ.

ලිංගික අපයෝජනයකට ලක් වූ බව කියන සිද්ධියකට අදාළ නඩුවකට පෙනී සිටීම සඳහා මෙම දැරිය අධිකරණයට පැමිණ ඇත.

දැරියගේ මව විසින් පරිවාස කාර්යාලයේ නිලධාරීනියන් වෙත කරන ලද පැමිණිල්ලකින් පසු අදාළ පුද්ගලයාව පොලිසියට භාර දෙනු ලැබ තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගෙන් හා ඇගේ මවගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගලගෙදර රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

ගලගෙදර පොලීසිය සැක කටයුතු පුද්ගලයාව අධිකරණය පෙරේදා (නොවැ. 20) හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *