පෙබරවාරි මාසයේ කළ වැටලීම්වලින් දුම්රියේ හොරට ගිය මගීන් 161කගෙන් රුපියල් හාරලක්ෂ අනූහයදාස් හාරසිය හැටක දඩ මුදලක් රජයට අයකර ගැනීමට කොටුව දුම්රිය ආරක්ෂක නිලධාරීහු සමත් වූහ. මේ වැටලීම් පෙබරවාරි පළමුවැනිදා සිට 28දා දක්වා සිදු කර තිබේ.
එහිදී කිසිදු ප්‍රවේශපත්‍රයක් නොමැතිව ගමන් කළ මගීන් විශාල පිරිසක් සිටි බවත් ඉතා සුළු පිරිසක් පමණක් තුන්වන පන්තියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන දෙවන පන්තියේ ගමන් කර කොටුකර ගැනීමට සමත් වූ බවත් ඒ අතර වැඩි පිරිසක් කාන්තාවන් බවත් කොටුව දුම්රිය ආරක්ෂක සේවා කාර්යභාර නිලධාරී ඩී. කුමාරසිංහ මහතා පවසයි.
දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත, කොටුව කාර්යභාර නිලධාරී ඩී. කුමාරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ කාන්තා සැරයන්(91162) ඒ.ජී. ස්වර්ණලතා මහත්මියගේ ප්‍රධානත්වයෙන් දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ සහාය ඇතිව මේ වැටලීම් සිදු කළහ.