ළමා නිවාසයේ පාලිකාව 17 හැවිරිදි දරුවා මරා දමයි

කල්මුණේ ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක රඳවා සිටි 17 හැවිරිදි පිරිමි දරුවකුට පහර දී ඝාතනය කළේ යැයි කියන එම ළමා නිවාසයේ 28 හැවිරිදි වියේ පසු වන පාලිකාව  සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ ඝාතනය කර ඇත්තේ මඩකලපුව කොක්අඩිචෝලේ ප්‍රදේශයේ පදිංචි ඒ.ටී දර්ශන නැමැති ළමයෙකි.

හොරකමක්ට සැකපිට අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දී තිබු නියෝගයක් අනුව මෙම ළමයා කල්මුනේ ප්‍රදේශයේ පිහිටි මෙම ළමා නිවාසයේ රඳවා තබා සිට ඇතැයි පොලිසිය කියයි.

මෙම ළමයා ගේ මුරණ්ඩුකම් මට්ටු කිරීමටයැයි කියා පොලුවලින් පහර දී තිබෙන බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි හෙලිවී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *