අතහැර දමා ගිය මවගෙන් 17 හැවිරිදි දියණිය අධිකරණයේදී වන්දි ඉල්ලයි

තමන් අතහැර දමා තම මව වෙනත් පුද්ගලයෙකු සමග විවාහ වී විදේශගත වීමෙන් තමා සහ තම 11 හැවිරිදි බාල සහෝදරයා ජීවත් වීමට මගක් නොමැතිව අසරණ භාවයට පත්ව ඇති නිසා තම මවගෙන් මාසිකව වෙන් වෙන් වශයෙන් රුපියල් 15000 බැගින් නඩුත්තු මුදල් අය කර දෙන ලෙස 17 හැවිරිදි දියණියක කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි කරුණා කීර්තිරත්නගේ ලිඛිතව ඉල්ලීමක් කොට තිබේ.

11 හැවිරිදි තම බාල සහෝදරයා සමග කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ පරිවාස නිලධාරී කාර්යාලයට පැමිණ ඇති මෙම 17 හැවිරිදි දියණිය පැමිණිල්ල මගින් ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි කරුණා කීර්තිරත්නට තවදුරටත් පවසා ඇත්තේ පාසලේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන තමා සහ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 11 හැවිරිදි තම බාල සහෝදරයා මේ වන විට ජීවත්වීමට මගක් නොමැතිව අසරණ භාවයට පත්ව ඇති බවයි.

තමන්ගේ මෙම ඉල්ලීම සැලකිල්ලට ගෙන තමා සහ සහෝදරයා අතහැර වෙනත් පුද්ගලයෙකු සමග විවාහ වී විදේශ රටකට ගොස් සිටින තම මවගෙන් තමාට සහ බාල සහෝදරයාට ජීවත් වීමට සහ අධ්‍යාපනය ලැබීමට මාසිකව වෙන් වෙන් වශයෙන් රුපියල් 15000 බැගින් නඩත්තු මුදල් අය කර දෙන ලෙසද ඉල්ලා ඇත.

දරුවන්ගේ මෙම ඉල්ලීම කෙරෙහි විශේෂ අවධානය යොමු කළ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිවරයා දරුවන්ගේ ඉල්ලීම ඉටු කර දීමට ඇති නීතිමය හැකියාව සොයා බැලීම සඳහා අදාළ පැමිණිල්ල නොපමාව කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ නීති ආධාර කොමිසමේ නීතිඥවරුන් වෙත යොමු කරනු ලැබීය.

One thought on “අතහැර දමා ගිය මවගෙන් 17 හැවිරිදි දියණිය අධිකරණයේදී වන්දි ඉල්ලයි

  1. මේ වන්දි මුදලින් ජීවත් වෙන්න අමාරුයි ප්‍රමාණවත් නැහැ .
    මෙවැනි මව්වරුන් මව් පදවියටත් නින්දාව
    ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *