රිය අනතුරකින් 19 හැවිරිදි තරුණියක් මිය යයි

ත්‍රීරෝද රථයක් සහ තාර ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් ගලේවෙල නගර මධ්‍යයේදී ගැටී    රෝද රථයේ ගමන් ගත්  තරුණියක මියගොස් තවත් තරුණියක් සහ මව පියා තුවාල  ලබා  දඹුල්ල සහ ගලේවෙල රෝහල්වලට ඇතුළත් කර ඇතැයි ගලේවෙල පොලිසිය කියයි

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ  දෙහිඅත්තකණ්ඩිය සිරිපුර ප්‍රදේශයේ සිට කුරුණෑගල ප්‍රදේශයේ විවාහ මංගල්‍යයකට සහභාගිවීම සඳහා ගිය මව පියා සහ දියණියන් දෙදෙනා බව පොලීසිය කියයි,

 අනතුරෙන්  මියගොස් ඇත්තේ   සිරිපුර ප්‍රදේශ්යේ පදිංචි එස් .එච් .ලෝචනා   කාව්‍යංජලි  දහ නව හැවිරිදි තරුණියකි, ඇයගේ උපන් දිනය ද  හෙටට (25)  යෙදී ඇතැයි  කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *