අපරාධකරුවන් ලක්ෂ 10 කගේ ඇඟිලි සලකුණු ඩිජිටල්කරණය කරයි

 අපරාධකරුවන් ලක්ෂ 10 කගේ පමණ ඇඟිලි සලකුණු ඩිජිටල්කරණය කර ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් අපරාධ වාර්තා අංශය සඳහන් කළේ, අධිකරණයේදී වරදකරුවන් වූ පුද්ගලයින්ගේ ඇඟිලි සලකුණු එලෙස ඩිජිටල්කරණ පද්ධතියට ඇතුළත් කර ඇති බවයි.

2013 වසරේදී අපරාධකරුවන්ගේ ඇඟිලි සලකුණු ඩිජිටල්කරණ වැඩසටහන ආරම්භ විය.

ඒ හරහා මේ වන විට අපරාධකරුවන් රැසක් නීතියේ රැහැනට හසුකරගෙන ඇතැයි, පොලිස් අපරාධ වාර්තා අංශය සඳහන් කළේ ය.

ඊට අමතරව අපරාධකරුවන්ගේ මුහුණු හඳුනා ගැනීම සඳහා වන තාක්ෂණික ක්‍රියාවලියක් ද ආරම්භ කර තිබේ.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *