පාස්කු ප්‍රහාරය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් – දෙදෙනෙකු ගැන සොයා ගත් බව දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර සඳහන් කළ පරිදී නිරාකරණය කර ගැනීමට තිබෙන ගැටළු 06න් 02ක් නිරාකරණය කරගෙන තිබෙන බවත් ඊට අදාළ පුද්ගලයන් දෙදෙනා සොයාගෙන තිබෙන බවත්  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අද (22දා) ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

“නිරාකරණය කරගන්න ඕනී ගැටළු අපි මීට කලින් වේදිකා වල කියලා තියෙනවා ස්ථාන 06ක්. ඒ 06න් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙනවා. කවුද වව්නතිව් ප්‍රදේශයට ගිහින් ජැකට් එක දැම්මේ කවුද?  හොයාගෙන තිබෙනවා. ඉමි( Imei ) අංකයක් දීලා ගියා එෆ්.බී.අයි එකෙන්. ඊට අවශ්‍ය වන දුරකතනය කාගෙද? හොයාගෙන තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *