2009 පෙර ගත් රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව නිර්දේශ කරයි

වසර දෙදහස් නවයට පෙර නිකුත් කර ඇති අලුත් කිරීම සිදුකර නැති රියැදුරු බලපත්‍ර සියල්ල අවලංගු කිරීමට රජය සලකා බලමින් සිටි.

ඒ සඳහා වන නිර්දේශ හා ඉල්ලීම් පොලිස් දෙපාර්තමේන්තුව විසින් පොලිස්පතිවරයා වෙත ලබා දී තිබේ.

එය අනුව මීට අදාළ පූර්ණ වගකීම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සතු වන නිසා ඒ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ ඉක්මන් තීරණයක් ගනු ගැනීමට නියමිතව තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෙරට රියදුරු බලපත‍්‍ර කෝටියකට වැඩි පිරිසක් ලබාගෙන ඇති අතර ඉන් 40 ලක්ෂයකට වැඩි පිරිසක් සතුව ඇත්තේ දෙදහස් නවය වසරට පෙර ලබාගත් රියදුරු බලපත්‍රයි.

ඒ අතරින් ලක්ෂ විස්සකට වැඩි ප්‍රමාණයක් බර වාහන රියදුරු බරපත්‍ර වන අතර ඒවා නැවත අලුත් කිරීමක් සිදු කිරීම අනිවාර්යෙන් නැත.

ඒ අනුව දෙදහස් නවයට පෙර ලබාගත් රියැදුරු බලපත්‍ර අවලංගු කරන නව ක්‍රමවේදයට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *