2023 සැප්තැම්බර සිට බොරතෙල් මිල 23% කින් පහළ ගිහින් – ලංකාවේ පෙට්‍රල් මිල අඩු වීම 2% යි

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල පහළ යාමේ වාසිය සත්‍ය වශයෙන්ම මේ රටේ ජනතාවට නොලැබෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ  මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

භාණ්ඩ හා සේවා  මගී ප්‍රවාහන වියදම් මෙන්ම පොදුවේ ජීවන වියදම  පහළ නොයන්නේ පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් රටේ  සැලකිය යුතු ආකාරයට පහළ නොයන නිසා බවද ඔහු සඳහන් කළේය.

ලංකාවේ පෙට්‍රල් 95 ලීටරයක මිල 2023 සැප්තැම්බර් රුපියල්  420 ක් පමණ වූ අතර දැනටත් පවතින්නේ එම මිලම බව ඔහු කීවේය.

මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා මෙසේද පැවසීය.

පසුගිය වසරේ සැප්තැම්බර් වන විට බොරතෙල් බැරලයක මිල වාර්තා වන්නේ ඩොලර්  අනූ හතරක්  ලෙසයි.එය පසුගිය වසරේ දෙසැම්බර් වන විට   බැරලයක මිල ඩොලර් 68ක් දක්වා අඩුවෙනවා. මේ අවුරුද්දේ මාර්තු වෙනකොට   ඩොලර් 83 දක්වා වැඩිවි නැවත පසුගිය ජුනි වන විට ඩොලර් 74 ක් දක්වා පහළ යනවා.  ඒ කියන්නේ 2023 සැප්තැම්බර් සිට මේ දක්වා බොරතෙල් බැරලයක මිල  සියයට විසි හතකින් පහළ ගිහින් තියෙනවා.

එහෙත් ලංකාවේ පෙට්‍රල් 95 ලීටරයක මිල 2023 සැප්තැම්බර් වන විට රුපියල්  420 ක් පමණ වුණා. අද වෙනතුරු පවතින්නේද එම මිලමයි

පෙට්‍රල් 92 ලීටර් එකක මිල 2023 සැප්තැම්බර් වනවිට රුපියල් 365ක් ලෙස  පැවැති අතර අදවන විට එය රු 355 ක් ලෙස රුපියල්  10 කින් පමණ පහළ ගොස් තියෙනවා . එනම් මිල අඩු වී අත්තේ සියයට 2කින් පමණයි.ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල පසුගිය වසරේ සැප්තැම්බර් වනවිට  රුපියල්  351 ලෙස තිබූ අතර අදවන විට එය රුපියල්  317 දක්වා සියයට  11කින් පමණ පහළ ගිහින් තියෙනවා.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් වන විට   පැවැතියේ රුපියල් 421 ක් ලෙසය. එහෙත් අද වනවිට ලීටරයක මිල වන්නේ රුපියල් 377 කී. එනම් පහළ ගොස් අත්තේ  සියයට 12 කින් පමණය.

  • ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *