2024 මුල් මාස 03ට සංචාරක පැමිණීම ලක්ෂ 06 ඉක්මවා යයි

2024 මාර්තු 01 සිට 27 දක්වා කාලපරිච්ඡේදය තුළ දී විදෙස් සංචාරකයින් 181,872 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 608,475 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මාර්තු මාසය තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 16% ක් ඉන්දීය සංචාරකයින් වන අතර 14% ක් රුසියානු සංචාරකයින් වේ.

සමස්තයක් ලෙස ගත් කළ 2024 ජනවාරි 01 සිට මාර්තු 27 දක්වා කාලපරිච්ඡේදය තුළ දී මෙරටට පැමිණ ඇති ඉන්දීය සංචාරකයින් සංඛ්‍යාව 92,644 ක් සහ අතර රුසියානු සංචාරකයින් ප්‍රමාණය 88,301 ක් ලෙසින් වාර්තා වී ඇත.

WeeklyReportMarch1 27 2 Iri News
WeeklyReportMarch1 27 6 Iri News
WeeklyReportMarch1 27 7 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *