2025 වසරේ ජනවාරි පළමුවෙනිදා සිට ඔක්තෝම්බර් 23 වනදා දක්වා T56 ගිනි අවි 67ක්, පිස්තෝල 73, රෝවොල්වර් 50 සහ වෙනත් ගිනි අවි 1907 වශයෙන් මේ දක්වා ගිනි අවි 2097ක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂවරයාගේ අත්සනින් නිකුත්කර නිවේදනයක සඳහන් වනවා.
ඊට අමතරව හෙරොයින් කිලෝග්‍රෑම් 1482ක්, ගංජා කිලෝග්‍රෑම් 14434,කොකේන් කිලෝග්‍රෑම් 32ක්, හෂිස් කිලෝග්‍රෑම් 582ක්, අයිස් කිලෝග්‍රෑම් 2542 අත්අඩංගුවට ගෙන ඇති බවද එම නිවේදනයේ සඳහන්.