2025 මුල් මාස හතේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 10ට ආසන්න වෙයි

2025 වසරේ මුල් මාස හත තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපි පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරමින් මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 9,992.53 ක් ලෙසින් වාර්තා වී ඇති බවත් එය 2024 එම කාලයට සාපේක්ෂව 7.79% ක වර්ධනයක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක පහත සඳහන් තොරතුරු වැඩිදුරටත් සඳහන් වේ.

2025 ජුලි මාසයේදී වෙළද භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,641.11කි. මෙය 2024 ජුලි මාසයට සාපේක්ෂව 12.68%ක වාර්ෂික වර්ධනයකි. මෙය ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිය සහ වෙළදපොළ ප්‍රවේශය පුළුල් කිරිමටත්, ගෝලීය තරගකාරිත්වය වැඩි දියුණු කිරීමටත් ගත් උපායමාර්ගික උත්සාහයන්ගේ ධනාත්මක බලපෑම මෙයින් පිළිබිඹු කරයි.

අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා  මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.

මෙම වර්ධනය ගෝලීය වෙළදාමට ශ්‍රී ලංකාව වැඩි වශයෙන් ඒකාබද්ධ වීමත්, වෙළදපොල අවස්තා විවිධාංගීකරණය කරමින් අපනයන තරගකාරිත්වය ශක්තිමත් කිරීමට දරන අඛණ්ඩ උත්සාහයේ සාර්ථකත්වය ඉස්මතු කරයි. අපගේ අපනයනකරුවන් වෙනස්වන ගෝලිය වෙළදපොලට අනුවර්තනය වන ආකාරයත්, ඔවුන්ගේ ශක්තිමත්භාවයත් මෙමගින් නැවතත් පෙන්වා දී ඇත.“

“ජූලි මාසයේදී අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ඉක්මවා ගොස් පළමු මාස ​​හත තුළ ඇමරිකානු ඩොලර් බිලියන 10 කට ආසන්න වීම සාධනීය අගයකි. ගෝලීය අභියෝග මධ්‍යයේ අපනයනකරුවන්ගේ ශක්තිමත්භාවය මෙයින් පිළිබිඹු කරයි. ඉදිරි අන‌පේක්ෂිත තත්ත්වයන් පිළිබද සැලකිලිමත් වෙමින්, තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමෙන් සහ වෙළඳපල විවිධාංගීකරණය කිරීම තුලින් 2025 අපනයන ඉලක්කය සපුරා ගත හැකි බව අප විශ්වාස කරමු. ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *