2025 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක් වාර්තා කරයි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025 වර්ෂයේ පළමුවන කාර්තුව (ජනවාරි 1 සිට මාර්තු 31 දක්වා) සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කොට ඇත.

2024 වර්ෂයේ පළමුවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ රුපියල් මිලියන 3,318,769 ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය 2025 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී රුපියල් මිලියන 3,477,088 ක් ලෙස ඉහළ ගොස් ඇත.

ඒ අනුව 2025 වර්ෂයේ පළමුවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 4.8% ක ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තාවී ඇත.

2025 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී කෘෂිකාර්මික ආර්ථික කටයුතු 0.7% ක පසුබැසීමක් වාර්තා කරන නමුත් කාර්මික හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් සියයට 9.7% ක් සහ සියයට 2.8% ක් වශයෙන් වර්ධනයන් වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *