2025 මුල් කාර්තුවේ ඩොලර් මිලියන 650ක සෘජු විදෙස් ආයෝජන ලංකාවට

මෙම වසරේ පළමු කාර්තුව තුළ දී ඩොලර් මිලියන 650ක සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ ව්‍යාපෘති 64 ක් වෙනුවෙන් මෙම ඩොලර් මිලියන 650 ක ආයෝජන ප්‍රමාණය පැමිණ ඇති බවයි. අද (04) දින පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා,

“අද බලන්න සභාපතිතුමනි, අපේ රටට ආයෝජකයෝ කොච්චර ඇවිල්ලාද කියලා. මේ කාර්තුවට විතරක් ඩොලර් මිලියන 650 ක් සෘජු විදේශ ආයෝජන ඇවිල්ලා තියෙනවා. 2023 අවුරුද්දටම ආවේ 483 යි. 2024 අවුරුද්දට ආවේ 724 යි. ඒත් අවුරුද්දටම ව්‍යාපෘති 93යි. අපේ කාර්තුවට දැන් ඇවිල්ලා තියෙනවා BOI සභාපතිතුමා අපට කියනවා, ව්‍යාපෘති 64යි. ආයෝජන ඩොලර් මිලියන 650යි.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *