රට තුළ පවතින සියළුම පෙරපාසල්, ලබන වසරේ (2026) සිට, අනිවාර්ය ලෙස එකම විෂය මාලාවක් ඉගැන්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
මෙය රජය හදුන්වා දෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාත්මක වේ.
ඒ අනුව, පෙරපාසල් දරුවන් වෙනුවෙන් හදුන්වා දීමට නියමිත නව පූර්ව ළමා විය විෂය මාලාව මේ වන විටත් රජය සකසා අවසන් ය.
නව විෂය මාලාවට ගුරුවරු පුහුණු කිරීම, නොවැම්බර් මාසයේ 25 වන දා සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
පුහුණුව සදහා පෙරපාසල් ගුරුවරු දහනම දහසකට අධික පිරිසක් සහභාගී වීමට නියමිත ය.