21 රැලියට රනිල් සහභාගි නොවුණත් සංවිධාන කටයුතුවලට බරටම බහියි

නොවැම්බර් 21 නුගේගොඩ පැවැත්වීමට නියමිත මහා ජන හඬ විරෝධතා රැළියට සහභාගී නොවූවද, එජාප නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, රැළියේ සංවිධාන කටයුතුවල කාර්යබහුල වී සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

නොවැම්බර් 21 රැළියට අදාල සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ මල් පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේ දී පැවැත් වී ඇති අතර, ඊට, පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සහභාගී වී ඇති බව පුවත්පත වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *