23 හැවිරිදි ජනප්‍රිය රංගන ශිල්පිනියට ටැක්සි රියදුරා අතවර කර පලා යයි


කුලී ගමනක් යමින් සිටි 23 හැවිරිදි  ජනප්‍රිය  රංගන ශිල්පිනියකට  පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථ රියදුරෙකු ලිංගික අතවරයක් සිදුකොට  පලා ගොස් ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි

මෙම  රංගන ශිල්පිනියගේ පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා  මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ සිට නුගේගොඩ  දක්වා කුලී ගමනක් යාමට කුලී ගමන් පහසුකම් සපයන සමාගමක ත්‍රී රෝද රථයකට පමණා ඇණවුම් කර තිබේ.

ත්‍රීරෝද රථයෙන් මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ සිට නුගේගොඩ දක්වා යමින් සිටියදී එක්වරම පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී   මාර්ගය අසල ත්‍රීරෝද රථය නවතා කාර්මික දෝෂයක් පරීක්ෂා කරන මුවාවෙන් ත්‍රිරෝද රථයෙන් බැස පිටුපස අසුනේ සිටි රංගන ශිල්පිනිය අසලට වීත් ඇයට බලහත්කාරකම් කර තිබේ.

එහිදී රංගන ශිල්පිනිය සැකකරු තල්ලු කොට ත්‍රිරෝද  රථයෙන් එලියට පැන කෑ ගසා  අසල්වාසීන්ට පවසනවාත් සමඟම ත්‍රීරෝද  රථයේ රියදුරු රංගන ශිල්පිනිය මහමග අතහැර දමා පලා ගොස් ඇති බව පැමිණිල්ලේ සඳහන්ය.

සිද්ධියෙන් පසුව  ත්‍රී රෝද රථය  කොළඹ හොරණ මාර්ගය ඔස්සේ බොරලැස්ගමුව දෙසට පලා ගොස් ඇති බව පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *