2025දී දේශ­පා­ල­න­ඥයෝ 24ක් අල්ලස් කොමි­ස­මට කොටු වෙයි – සියළු දෙනාටම අධිකරණයේ නඩු

හිටපු අමා­ත්‍ය­වරු, පාර්ලි­මේන්තු මන්ත්‍රී­වරු සහ පළාත් පාලන නියෝ­ජි­ත­යන් ඇතුළු දේශ­පා­ල­න­ඥ­යන් 24 දෙනෙකු 2025 වස­රේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

මෙම දේශ­පා­ල­න­ඥ­යන්ට එ‍ෙර­හිව අධි­ක­ර­ණ­මය පිය­වර ද ගෙන තිබේ.

එකී දේශ­පා­ල­න­ඥ­යන් අතර කෙහෙ­ළිය බණ්ඩාර දිසා­නා­යක රඹු­ක්වැල්ල, එස්.එම්. චන්ද්‍ර­සේන, ප්‍රසන්න රණ­තුංග, චන්ද්‍ර­සිරි බණ්ඩාර රත්නා­යක, ආර්.එම්.සී. බණ්ඩාර රත්නා­යක, පියුම් අනූප පස්කු­වෙල්, ශෂින්ද්‍ර කුමාර රාජ­පක්ෂ, චාමර සම්පත් දස­නා­යක, හරීන්ද්‍ර චානක අයි­ලේ­පෙ­රුම, වන්න­කු­වත්ත සමන් ලාල් ප්‍රනාන්දු එස්.එම්. රංජිත් ඇතුළු පිරි­සක් සිටිති.

වල­ල්ලා­විට, දොම්පේ, කුණ්ඩ­සාලේ සහ බෙලි­අත්ත, කුච්ච­වේලි, ප්‍රාදේ­ශීය සභා සහ ළිඳුල නගර සභාවේ හිටපු සභා­පති ද අත්අ­ඩං­ගු­වට ගත් ප්‍රාදේ­ශීය දේශ­පා­ල­න­ඥයෝ අතර වෙති.

දේශ­පා­ල­න­ඥ­යන්ට අම­ත­රව, ශ්‍රී ලංකන් ගුවන් සමා­ගමේ හිටපු සභා­පති නිශාන්ත වික්‍ර­ම­සිංහ, මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් ජන­රාල් නිශාන්ත අනු­රුද්ධ වීර­සිංහ සහ හිටපු අමාත්‍ය ලේක­ම්ව­රුන් පිරි­සක් ද අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *