එක පාරට ක්ලාන්ත වෙලා – තරුණිය කොත්මලේ ජලාශයෙන් වැටෙයි

ඉහළ කොත්මලා ජලාශයේ තලවකැලේ සමුපකාර ප්‍රධාන කාර්යාලය ආශ්‍රිත දැඩි ගැඹුරකින් යුත් ස්ථානයකට මෙම තරුණිය වැටී  ඇති අතර, ඇය ජලාශයේ දලගමින් සිටින අයුරු දැක ඇති නගර වැසියන් ක්ෂණිකව ක්‍රියාත්මකවීම හේතුවෙන් ඇයගේ ජීවිතය ගලවා ගැනීමට හැකි වී තිබේ.

නගරය වැසියන් කීපදෙනෙකු ජලාශයට පැන ඇය අල්ලා ගෙන සිටියදී අනෙකුත් පිරිස ලණු දමා දැඩි අසීරුවෙන්ගො ඩට ගෙන ඇති අතර, පසුව ඇය ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කොට තිබේ. වයස අවුරුදු 24 ක ආගරපතන ප්‍රදේශයේ තරුණියක්මෙ සේ ජලාශයට වැටී සිටියදී ගොඩ ගෙන ඇති බවත්, රැකියාවක් නොමැතිව ඒ පිළිබඳව සිතමින් ජලාශය ආසන්නයෙන් ගමන් කරමින් සිටියදි ක්ලාන්ත ගතියක් ඇති වී ජලාශයට ඇද වැටුණු බව මෙම තරුණිය ප්‍රකාශ කොට ඇතැයි පොලීසිය පවසයි. කෙසේ වෙතත් මෙම ස්ථානයේ ආරක්ශිත වැටක්ද පවතියි.

රෝහලට ඇතුලත් කරන ලද තරුණියගේ භාහිර තුවාල කිසිවක් නොතිබුණු බවත්, මානසික වෛද්‍යවරයෙකුට යොමු කිරීම උදෙසා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත එම තරුණිය යොමු කිරීමට පියවර ගෙන ඇතැයි ලිඳුල ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි අසේල සුරංජිත්ම හතා පැවැසීය.

තලවකැලේ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.

image 9066e5264f Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *