බණ්ඩාරවල මදුවැල්පතන බදුල් ගස් තැන්න ප්‍රදේශයේ නිව්මෝනියා තත්ත්වයෙන් මීට දින තුනකට පෙර මියගිය 25 හැවිරිදි තරුණියකගේ මිහිදන් කළ සිරුර ගොඩගෙන නිරුවත් කර දමා ඇති බවට වාර්තා වෙනවා.
මියගිය තරුණියගේ පියා බණ්ඩාරවල මූලස්ථාන පොලිසිය අද (07) පොලිසියට කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
මියගොස් මෙසේ මිහිදන් කර තිබුනේ රශ්මිකා නදීෂානි නැමැති බදුලුගස්තැන්න මදුවල් පතන පදිංචිව සිටි 25 හැවිරිදි තරුණියකි.
මියගිය තරුණියගේ පියා දානමය පුණ්‍ය කර්මය සිදුකිරීමට පෙර සොහොන පරීක්ෂා කිරීමට ගොස් ඇති අතර එහිදී කිසිවෙකු හෝ කණ්ඩායමක් මෙම සිරුර ගොඩගෙන නිරුවත් කර තිබෙනු දැක පොලිසියට පැමිණිලි කර තිබෙනවා.