ලක්ෂ 26ක පොහොර සහනාධාර මුදල් වංචා කළ ගොවිජන නිළධාරීනියක් අත්අඩංගුවට ගනියි

පොහොර සහනාධාර මුදල් වංචා කළ බව කියන ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයේ සේවිකාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ,  සැකකාරිය 2024/25 මහකන්නයට අදාල නිකුත් කළ පොහොර සහනාධාර මුදල් රුපියල් මිලියන 2.6 ක් වංචා කර ඇති බවයි.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා කළ පැමිණිල්ලක් මත කළ විමර්ශනයකදී ඇය අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *