ප්‍රේම බිඳ වැටුණු තැවුලට 26 හැවිරිදි තරුණියක් සිරුරට ගිණි තබා ගෙන මිය යයි

යාපනයේ වැල්වෙට්ටිතුරේ ප්‍රදේශයේ සුරූපී තරුණියක් ඇගේ ප්‍රේම සබදතාවය බිද වැටීම නිසා ඇති වූ මානසික කම්පනය හේතුවෙන් ඇගේ සිරුරට ගිණි තබා ගෙන ඊයේ (09 ) මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ අන්රන් මරියදාස් කිරුබාකිනී නැමති වයස අවුරුදු 26 ක තරුණියකි.

ඇය වැල්වෙට්ටිතුරේ ශ්‍රී මුරුගන් ගම්මානයේ ජීවත්ව සිටි අතර කාලයක සිට ඊට ආසන්න ගමක තරුණයෙකු සමග පෙම් සබදතාවයක් පවත්වා ගෙන ගොස් ඇත.

හදිසියේම තරුණයා වෙනස් වී වෙනත් තරුණියකට ආදරය කිරීමට පටන් ගැනීම නිසා දැඩි කලකිරීමකට පත්ව සිටි මෙම තරුණිය සිය නිවසේදී රාත්‍රියේ ඇගේ සිරුරට ගිණි තබා ගෙන ඇත.

නිවසේ උදවිය අවදි වී බලන විට ඇය නිවස තුලම මියගොස් සිටි ආකාරය දැක ඒ පිළිබදව ග්‍රාම නිලධාරීවරයාට පැමිණිලි කොට තිබේ.

ග්‍රාම නිලධාරීවරයා මේ ගැන පොලීසියට පමිණිලි කිරීමෙන් පසුව වැල්වෙට්ටිතුරේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *