මහජනයාට සේවය දෙන්න රාජ්‍ය ආයතනවල දුරකථනවලින් 29% යි වැඩ


ජනතාවට සේවා සැපයීම සදහා රාජ්‍ය ආයතන විසින් හඳුන්වාදී ඇති දුරකතනවලින් සේවා සපයනු ලබන්නේ සියයට 29කින් පමණක් බව සිදුකළ සමීක්‍ෂණයකදී අනාවරණ වී තිබෙනවා.

එක් දිස්ත්‍රික්කයකින් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සහ තෝරාගත් පළාත් පාලන ආයතන කේන්‍ද්‍රකර ගනිමින් එම සමීක්‍ෂණය සිදුකළ බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පැවසුවේ.

ජනතාවට සේවා සැපයීම සදහා දුරකථන අංක හඳුන්වා දුන්නද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බව මෙහිදී පැහැදිලි වන බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *