සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය ගමන් කරමින් ඇත්තේ මහ පොළොවේ ඉල්ලමින් ඇති යථාර්ථය වෙත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසනවා.
ආණ්ඩුව විසින් පළාත් සභා මැතිවරණය පැවැත්වූ පසු, එම එකමුතුවේ ප්‍රමාණය ආණ්ඩුවට දැනගත හැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
සමූපාකාර මැතිවරණ තුනක් පැවැත්වූ බවද, එහිදී එම තුනෙන්ම ජාතික ජන බලවේගය පරාජයට පත් වූ බවද, මාලිමාවේ ජනවරම දැන් 3% දක්වාම පල්ලම් බසිමින් ඇති බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.