සංවිධානාත්මක අපරාධකරුවන් 30කගේ නිතීවිරෝධි වත්කම් ගැන විමර්ෂණ අරඹයි

සංවිධානාත්මක අපරාධකරුවන් 30 කට ආසන්න පිරිසකගේ නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇතැයි  පොලීසිය පවසයි.

කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට අයත් එවැනි දේපොළ කිහිපයක් හඳුනා ගෙන ඇත.

ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයේ රුපියල් කෝටි පහක් වටිනා පර්චස් 28 ක් ඒ අනුව පසුගියදා ක්‍රියා විරහිත කෙරුණි.

එසේම ලොකු පැටී නැමති අපරාධකරුට අයත් නීති විරෝධී දේපොළ කිහිපයක්ද හඳුනා ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි

එම දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *