2022 වසරේ බොරතෙල් ආනයනයේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කර තිබේ.
ඊට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික විසිනි.
ඔහු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලේ දක්වා තිබුණේ 2022 වසරේ දී නිමි ඉන්ධන හා බොරතෙල් ආනයනයේ දී රුපියල් කෝටි 3000ක වංචාවක් සිදුව ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ ඇතුළු පිරිසකට එරෙහිව ක්‍රියාමාර්ග ගතයුතු බව ඔහු පෙන්වා දී තිබිණි.
ඊට පිළිතුරු යොමුකරමින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම සංජීව ධම්මිකට දැනුම් දී ඇත්තේ පැමිණිල්ල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එහි සඳහන් කරුණු පිළිබඳ මූලික විමර්ශනයක් කිරීමට කොමිසම තීරණය කළ බවයි.