මහ කන්නයේ අස්වැන්නෙන් වී කිලෝ ග්‍රෑම් තුන්සිය බැගින් රජයට ලබා දීමට ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ සියළු ගොවි සංවිධාන එකග වූ බව ත්‍රී කුණාමලය දිසාපති ඩබ්.ජී. මහේෂ් හේමන්ත මහතා පවසයි.
ගොවියන් මෙම එකඟතාවයට පැමිණ තිබෙන්නේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී ය.
මෙම කමිටු රැස්වීම සදහා දිස්ත්‍රික්කයේ සෑම ගොවි සන්විධානයක්ම සහභාගී වී තිබේ.