ශ්‍රී ලංකාවේ දැවැන්තම නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මෙන්ම ප්‍රථම බහුවිධ සේවා විශේෂ ආර්ථික කලාපය වන ‘කොළඹ වරාය නගරය’ (Port City Colombo) සිය දෙවන අදියරේ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 300ක සෘජු විදේශ ආයෝජනයක් (FDI) තහවුරු කරගෙන ඇත.
ව්‍යාපෘතියේ ප්‍රධාන සංවර්ධකයා වන CHEC Port City Colombo සමාගම විසින් මෙම ආයෝජනය සිදුකරන අතර, අදාළ නියාමන ක්‍රියාවලීන් අවසන් වූ වහාම දෙවන අදියරේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.