කිරි හරකුන් ආනයනය කිරීමට බව පවසා ඇමෙරිකානු ඩොලර් මිලියන 11ක් (රුපියල් කෝටි 330) අවභාවිත කළ බව කියන පොලිස් කොමිසමේ හා එක්තරා අමාත්‍යාංශයක හිටපු ලේකම්වරියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව රජයේ විශ්වසනීය ආරංචි මාර්ග පැවසීය.
ඇය පොලිස් කොමිසමේ හිටපු ලේකම්වරියක මෙන් ම රාජ්‍ය පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකුගේ බිරිය බව කියයි.
අදාළ හිටපු ලේකම්වරිය මේ වනවිට විදේශගතව ඇති අතර ඇය ඉදිරි දින කිහිපයක තුළ මෙරටට පැමිණීමට නියමිත බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව, ඇය මෙරටට පැමිණි විගස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දිය යුතුව තිබේ.
එකල මෙම ලේකම්වරිය ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරියක ලෙස කටයුතු කර ඇති අතර 2016-2017 කාලයේදී කිරි හරකුන් මෙරටට ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 11ක් වෙන් කිරීමේ සිද්ධියකට ඇය ද සම්බන්ධ බව සඳහන් වේ.
කෙසේ වෙතත්, එවැනි කිරි හරකුන් ගෙන්වීමට හෝ එම මුදලට සිදුවූ දෙයක් හෝ නොමැති බවට ද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කෙරෙනු ඇති බව වැඩිදුරට ත් දැනගන්නට තිබේ.