පොල්වතුර අපනයනයෙන් 2024 පෙබරවාරි මාසයේ දී රුපියල් මිලියන 3439ක ආදායමක් ඉපැයූ බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
2023 පෙබරවාරි මාසයේ පොල් වතුර අපනයනයෙන් උපයා ඇති මුදල රුපියල් මිලියන 2705කි.
ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පෙරවාරි මාස වනවිට රුපියල් මිලියන 734 ක අපනයන ආදායමේ ඉහල යාමක් පෙන්නුම් කර ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා පැවසීය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය වූ අතර මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වන සත්ව හානිය නිසා වාර්ෂිකව අහිමි වන පොල්ගෙඩි මිලියන 300ක පමණ ප්‍රමාණය ද රැක ගැනීමට හැකි වන්නේ නම් මීට වැඩි ආදායමක් උපයා ගැනීමට හැකි වන බවයි.